තාක්ෂණය , විද්‍යාව සහ නිර්මාණකරණය යනු ගෙවෙන සෑම තත්පරයකදීම දියුණු වෙමින් ඉදිරියට ගලා යන ලෝකයේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධක තුනකි. එකිනෙකට සංයෝජනය වෙමින් වඩාත් ඵලදායී ලෙස මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටුකිරීමේලා මෙකී අංග ඉටු කරන්නේ අපරිමේය කර්තව්‍යකි.

ගෘහ නිර්මාණකරණය, සැලසුම්කරණය සහ වාස්තු විද්‍යාව යනු ඉහත කී අංග සේම මානව අවශ්‍යතා පිලිබදව කථනයේදී නිවාස ඉදිකිරීම යන මූලික අවශ්‍යතාව සදහා මනා පිටුවහලක් වෙමින් දිනෙන් දින නවමු අංග කරා යොමු වෙමින් ඇස මනදොළ පිනවන සුන්දර නිවාස නිර්මාණයට සහ ඒවායේ පැවැත්ම සදහා උරදෙන අංග තුනකි.
නිවාස සැලසුම්කරණයේ පෙරළිකාරයෙකු වන නාරා ඉන්ජිනියරින් ආයතනය මෙවර ලිපිය හරහා ඉදිරිපත් කර ඇත්තේ සුන්දර නුවරඑළිය නගර මධ්‍යයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති සුවිශේෂී නිවාඩු නිකේතනයක්. එය පදිංචිය සදහා යෝග්‍ය නිවසක්, කුඩා පවුල් කිහිපයකට නවාතැන් දිය හැකි ඒකක තුනක්, දෙවන මහලේ පිහිටි යාබද නානකාමර සහිත සුඛෝපභෝගී නිදන කාමර හතරක් හා roof top එකක් සහිතව සැලසුම් කර ඇත.


බහුකාර්ය ගෘහ සැලැස්මක් ලෙස සැලසුම් කර ඇති මෙය වර්ග අඩි ක වර්ගඵලයකින් යුතු වන අතර බිම් මහලට ආලින්දය , පැන්ට්‍රිය, curry kitchen එකත් servant room එකත් යන ගෘහීය අංග මෙන්ම පිළිගැනීමේ කවුන්ටරය (reception), outdoor sitting area එකක් යන වාණිජමය අංගද ඇතුලත් කර ඇත. එමෙන්ම බිම් මහලේ යාබද නාන කාමර සහිත විශාල නිදන කාමර හතරක් සැලසුම් කර ඇති අතර සම්පූර්ණ සැලැස්මට යාබද නාන කාමර සහිත නිදන කාමර දහයක් අඩංගු වේ.
වාණිජමය අරමුණු සදහා වඩාත් යෝග්‍ය වන පරිදි, ලාංකේය සංචාරක ක්ෂේත්රයේ කේන්ද්‍රස්ථානයක් වන නුවරඑළිය නගරයේ සැලසුම් කර ඇති මෙම ගොඩනැගිල්ලේ මේ වන විට ඉදිවෙමින් පවතී.
පවුලේ අය සමග හෝ මිතුරන් සමග සංචාරයේ යෙදෙන විට සියළු දෙනා හට නිවසක ඇති ආරක්ෂාකාරී බවත් සුවපහසුවක් , තම ආහාර වේල් සකස් කර ගැනීමේ පහසුවත් සලකා බැලීමේදී මෙහි පළමු මහළේ ඇති නිවාස ඒකක ඒ සදහා හොදින්ම ගැලපේ. යුවලක් ලෙස හෝ තනිව සංචාරය කරන අයෙකු සදහා දෙවන මහලේ හෝ බිම් මහලේ පිහිටි deluxe bed rooms නවාතැන් ගැනීම සදහා ඉතා හොදින් ගැලපෙන අතර අවශ්‍ය කාලයකදී මෙම බිම් මහල තනි නිවසක් ලෙස ද භාවිතා කිරීමේ හැකියාව පවතී.
තමන්ගේ සිතැගි පරිදි කාලීන අවශ්‍යතා හා දිගුකාලීන ජීවන සැලසුම් යන කාර්යයන් දෙකම ඉතා නිවැරදි දැක්මක් සහිතව සැලසුම් කර ගන්නා අතර කාලය, මුදල් හා ශ්‍රමය වඩාත් ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද යන වග නාරා ඉන්ජිනියරින් ආයතනය සමග නිවාස සැලසුම් කිරීමේදී ඔබට මැනවින් අත්දැකිය හැකිය.
ගොඩනැගිලි ඉදිකිරීම හා අනුමත කර ගැනීම සදහා අවශ්‍ය සියළු ලියකියවිලි සහ තාක්ෂණික සහයත්, ඉදිකිරීම අතරතුර අවශ්‍ය අධීක්ෂණය සහ වගවීමත් එකම වහලක් යටින් ලබා ගැනීමේ හැකියාව නාරා ඉන්ජිනියරින් ආයතනය හරහා ලැබෙන නිසාවෙන් ඔබත් අදම පැමිණ ඔබගේ සිහිනය යතාර්ථයක් කරගන්නට අවශ්‍ය සැලසුම නිර්මාණය කරගන්න.












