
තාක්ෂණය , විද්‍යාව සහ නිර්මාණකරණය යනු ගෙවෙන සෑම තත්පරයකදීම දියුණු වෙමින් ඉදිරියට ගලා යන ලෝකයේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධක තුනකි. එකිනෙකට සංයෝජනය වෙමින් වඩාත් ඵලදායී ලෙස මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටුකිරීමේලා මෙකී අංග ඉටු කරන්නේ අපරිමේය කර්තව්‍යකි.

දුටුවන් නෙත් වශී කරවන මෙහි බිම් මහළ සදහා ආලින්දය, මුළුතැන්ගෙය හා පැන්ට්‍රිය යන මූලික අංග වලට අමතරව නිදන කාමර දෙකක් සහ නා කාමර දෙකක්, සේවක කාමරය හා ගබඩා කාමරයක් ඇතුලත් වේ. බිම් මහලේ ඇති සුවිශේෂ අංගයක් වන්නේ ඉඩකඩ සහිත් car porch එක නිවසට පිටතින් සැලසුම් කර තිබීමය. නූතන නිවාස නිර්මාණයේදී නැතිවම බැරි අංගයක් වන නාන තටාකය මගින් මෙම නිවසේ වටිනාකම ඉහළ නැංවී ඇත.


අප සැළසුම් කරන නව නිවාස පිළිබඳව තොරතුරු අපගේ Facebook පිටුව හරහා අප දිනපතා බෙදාගන්නෙමු. ඔබත් අපගේ Facebook පිටුවා හා එක්වන්න. Click Here
ඉහළ මහළ සදහා නිදන කාමර හතරක්, නාන කාමර දෙකක් dressing area එක සහ Tv lobby එකක් ඇතුලත් කර ඇත. මෙම නිවස Box Type එකට සැලසුම් කර ඇති හෙයින් Roof top එක වැඩි ඉඩකඩක් සහිතව බොහෝ ප්‍රයෝජන ගත හැකි ස්ථානයක් බවට පත් වී ඇත.
Double height එසේත් නැතිනම් ද්විත්ව උස සංකල්පය සදහා වැඩි අවධානයක් හා එහි නිර්මාණශීලී අනන්‍යතාවය මැනවින් වටහාගෙන නිවාස සැලසුම්කරණයේ යෙදෙන නාරා ඉන්ජිනියරින් ආයතනය මෙහි උසස් තත්ත්වයේ නිමාව සදහා එය යොදාගෙන ඇති ආකාරය ඉතා ආකර්ෂණීය වේ. නිවසේ ඉදිරිපස කොටස මෙසේ Double height සහිතව නිර්මාණය නිසා එහි ඇති උස්වූ කුළුණු මගින් නිවසට එකතු කරන්නේ සුවිශේෂී ගාම්භීරත්වයකි. ආලින්දය නිර්මාණයේදීද දිවිත්ව උසක් පිහිටන පරිදි නිර්මාණය කිරීම නිසා මහල් දෙකක් වුවද සම්පුර්ණ නිවස තනි ඒකකයක් බවට පත් කිරීමේ හැකියාව ලැබී ඇත.
මෙහි තවත් එක් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ නිවසේ ඉදිරිපස හැඩ කරන අර්ධ කවාකාර බිත්ති ය. වීදුරු මගින් ආවරනය කර ඇති මෙම බිත්ති මගින් නිවසට අලංකාරයක් එක් කර අත්තේ තරු පන්තියේ හෝටලයක හෝ මන්දිරයක් පෙනුම ලබාදෙන ගමන්මය.


ලාංකේය ගෘහ නිර්මාණ ක්ශෙත්‍රයේ අඩිතාලම බදු වූ වාස්තු විද්‍යාවට මූලික තැන දෙමින් කාලයටත් තාලයටත් ගැලපෙන ලෙස සැලසුම් කර ඇති අතර නිවස තවත් වසර ගණනාවකට වුවද විලාසිතාවෙන් ඉවත් නොවූ සුපිරි නිවසක් ලෙස පවතිනු ඇත.
නිවාස සැලසුම් දහස් ගණනකින් ලැබූ පන්නරය හා දැනුම සමග ඔබගේ සිහින නිවහන සැලසුම් කරගන්න, අදම Nara Engineering ආයතනය වෙත පිය නගන්න.
Previous Article – Click Here