
House Plan Srlanka – Nara Engineering
සිරුරක හැඩය, ලස්සන අඩු වැඩි කිරීමට ඇදුම් පැලදුම් හේතු වන්නා සේම පුද්ගලයකුගේ සමාජ මට්ටම විදහා දක්වන බාහිර සැකිල්ල ලෙසනිවස පෙන්වා දිය හැකිය. නිවැසියන්ගේ ආදරය, ධනය ආරක්ෂාව නිසි ලෙස සුරක්ශා කෙරෙන නවීන නිවසක් ඉදි කර ගැනීමට වාස්තුවිද්‍යානුකූල සැලැස්මක් අත්‍යවශ්‍ය වේ. නිවසක පඩිපෙළ, නාන කාමරය, මුලුතැන්ගෙය අදී සියලු අංග නිසි ස්ථාන වලට වාස්තු වලට අනුකූලව ස්ථානගත කරමින් නවීන විලාසිතාවකින් යුතු නිවසක් ඉතා පහසුවෙන් සැලසුම් කර ගැනීමට ලංකාවේ හොදම නිවාසසැලසුම්කරණ ආයතනය වන නාරා ඉන්ජිනියරින් මෙවර ඔබට තිලිණ කරන්නේ විශේෂිත වූ දෙමහල් නිවාස සැලැස්මකි.

Ground Floor – බිම් මහල
සම්පුර්ණ වර්ග අඩි 3128 ක් වූ මෙහි නිදන කාමර 5ක් ඇතුළත් වේ. බිම් මහළ වර්ග අඩි 1378 ක් වන අතර එහි ආලින්දය, පැන්ට්‍රිය, මුලුතැන්ගෙය, කෑම කාමරය යන මූලිකාංග වලට අමතරව එක් නිදන කාමරයක්, නාන කාමරයක්, කාර්යාල කාමරයක් හා සේවක කාමරයක් සැලසුම් කර ඇත. මෙම නිවසේ එක් විශේෂත්වයක් වන්නේ ස්ථාන දෙකකින් නිවසට ඇතුළු වීමට ඇති හැකියාවයි.
ගේට්ටු දෙකක් ,car porch දෙකක් නිවසේ ඉදිරිපසින් හා පැත්තෙන් පිහිටුවා ඇති අතර පැතිකඩ පිහිටි දොරෙන් නිවසේ පැන්ට්‍රියට පිවිසීමේ හැකියාව ඇත.ගේට්ටු දෙකෙහිම වාහන හා අමුත්තන් සදහා වෙන වෙනම පිවිසුම් සහිත වන අතර ර්ය නිවැසියන් ගේ හා අමුත්තන්ගේ පහසුවට හේතු වී ඇත.

1st Floor – පලමු මහල
නිවසේ පළමු මහල වර්ග අඩි 1148ක් වන අතර එහි යාබද නාන කාමරයක් හා dressing area එකක් සහිත ප්‍රධාන නිදන කාමරය හා තවත් නිදන කාමර දෙකක් ,නාන කාමරය ක් හා tv lobby එකක් පිහිටුවා ඇත.

Roof Top
roof top එකේ gym area එකට අමතරව ටෙසරයක් සහිතව ආගමික කටයුතු සදහා වෙන්වූ ස්ථානයක් සැලසුම් කර ඇත.ඉතිරි අවකාශය විවෘත නිදහස් ගෙමිදුලක් ලෙස සැලසුම්ගත කර ඇත.

දරුවන් ලොකු වී ඔවුන්ගේ කාලය උදා වන විටද විලාසිතාවෙන් බැහැර නොවී පවතින අලංකාර නිවාස සැලැස්මක් වාස්තු විද්‍යානුකූල ලෙස පහසු මිලට හා තවත් සේවාවන් රැසක් සමගින් වසර දහයකට නොඅඩු කාලයක් පුරාවට ඔබේ නිවාස සැලසුම් සකස් කර දුන් නාරා ඉන්ජිනියරින් වෙත අදම පිවිසෙන්න.
තවත් මෙවැනි ලස්සන වාස්තු විද්‍යාත්මක නිවාස සැලසුම් පිළිබඳව දැනගන්න අපත් සමග එකතු වී සිටින්න ඔබගේ අදහස් සහ යෝජනා පහතින් ඉදිරිපත් කරන්න. සුභ දවසක්!
අපගේ Facebook පිටුව Like කරන්න
අප සැලසුම් කරන ලද ලස්සන නිවාස දැක බලා ගැනීම සඳහා අපගේ Facebook පිටුව හා එක්වන්න. දිනපතා අලුත් නිවාස සැලසුම් අප එයට එක්කරන්නෙමු!
අපගේ Youtube චැනලය Subscribe කරන්න.
නිවාස සැලසුම් සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ වසර ගනනාවක් පුරා අප ලබාගත් අත්දැකීම් සහ දැනුම ඔබ හා බෙදාගැනීම සිදු කරන්නේ අපගේ Youtube චැනලය ඔස්සේය. නිවසක් සෑදීමට අදහස් කරන සහ නිවසක් සාදමින් සිටින ඔබට මෙය කදිම අවස්ථාවකි.