

- ඉඩමක් තෝරා ගැනීම
ඉඩමේ විශාලත්වය හා හැඩය -The size and shape of the land
ඉඩමක් මිලදී ගැනීමේදී මුලින්ම සැලකිලිමත් විය යුතු කරුණක් නම් ඔබට අවශ්‍ය ඉඩමේ විශාලත්වය යි. මෙය පෞද්ගලික කැමැත්ත හා ආර්ථිකමය පසුබිම මත වෙනස් විය හැකිය.හැඩය පිලිබද සැලකිලිමත් වී හතැරැස් හෝ ඒ හා සමාන ඉඩමක් තෝරා ගැනීමට හැකි නම් එය ඉදිකිරීම් සදහා පහසුවක් වනු ඇත.
ඉඩමේ පිහිටීම – Location of the land
නිවසක් ඉදිකිරීමට තෝරා ගැනීමේදී එහි පිහිටීම පිහිටීම පිලිබද සැලකිලිමත් විය යුතුය.තැනිතලා බිමක පිහිටි සමතල ඉඩමක් නිවසක් ඉදිකිරීම සදහා ඉතාම උචිත වන අතර එසේ නොවන අවස්ථාවකදී ඉදිකිරීම සදහා පහසු ඉඩමක් තෝරා ගන්න.
යටිතල පහසුකම් – infrastructures
ඉදිකිරීම අතරතුර හා පසුව නිවසට අවශ්‍ය වන ජලය, විදුලිය,මහා මාර්ග හා අනෙකුත් යටිතල පහසුකම් ලබා ගැනීමේ පහසුව ඉඩමක් මිලදී ගැනීමේදී සොයා බැලිය යුතුය.
වටිනාකම හා මිල – Value and price
ඉඩමක් මිලදී ගැනීමේදී නිශ්චය කල මිලට සරිලන වටිනාකමක් එහි තිබේද යන්න පිලිබදව සැලකිලිමත් විය යුතුය. සමහර අවස්ථා වලදී ඉඩමේ වටිනාකම මිලදී ගන්නා දිනට වඩා තව අවුරුදු කිහිපයකින් ඉහළ හෝ පහළ යාමට හැකිය. මිලදී ගැනීම් සිදු කිරීමට පෙර ඒ පිලිබදව සොයා බැලිය යුතුය.
නිරවුල් ඔප්පු – Clear Deeds
ඉඩමක් මිලදී ගන්නා විට නිරවුල් ඔප්පුවක් සහිතව මිලදී ගැනීමෙන් ඉදිකිරීම අතරතුර හා පසුව සිදු කරන නීතිමය ක්‍රියාවලීන් වලදී පහසුව සැලසේ .
ස්වාභාවික ආපදා – Natural Disasters
ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශ ගංවතුර , සුළු නියග හා නායයාම් බහුලව සිදු වන රටකි. එනිසා නිවසක් ඉදිකිරීමට ප්‍රථම එම තත්ත්වයන් පිලිබද සොයා බලා තීරණ ගත යුතුය.
අවශ්‍යතාවය – Requirement
ඉදිකිරීම තම පවුලේ පදිංචිය සදහාද නැතිනම් වාණිජමය අරමුනකින්ද යන්න තීරණය කල පසු ඊට ගැලපෙන ඉඩමක් තෝරා ගත යුතුය. ව්‍යාපාරයක් සදහා නම් නගරය තුලම තදාසන්න ප්‍රදේශයක් මමා මාර්ගයට මුහුණලා මිලදී ගැනීම සුදුසු වුවද ,නේවාසික අරමුණු වෙනුවෙන් එය එතරම් සුදුසු නොවිය හැක.
මෙමෙ ප්‍රධාන කරුණු වලට අමතරව ඉඩමක් මිලදී ගැනීමේදී තවත් කරුණු කීපයක් කෙරෙහි අවධානය යොමු කල යුතුය. එනම්
- පසෙහි ස්වභාවය
- අවට පදිංචිකරුවන්ගේ ස්වභාවය
- අවට පිහිටි කර්මාන්තශාලා හා ඒවායේ නිශ්පාදන
- වරිපනම් හ නඑකුත් බදු ගෙවීම්
- දේශගුණය
සියලු කරුණු මැනවින් වටහා ගෙන සුදුසු ඉඩමක් තෝරා ගත් පසුව තම ඉදිකිරීම සදහා අවශ්‍ය අනෙකුත් කරුණු සොයා බැලිය යුතුය.
- අවශ්‍යතා හා ජීවන මට්ටම පිලිබද අවබෝධය – Understanding needs and living standards
මෙහිදී නිවාසය සැලසුම් කිරීමට පෙර ඔබගේ අවශ්‍යතා නිවරැදිව පෙලගස්වා ගත් යුතුය.ඔබට අවශ්‍ය නිවසේ ඉඩකඩ,අවශ්‍යතා හා වුවමනා , අනාගත සැලසුම්,රැකියාව හා ජීවත් වන පසුබිම හා විලාසිතාව යන කරුණු සලකා බැලීම කල යුතුය.
- ආර්ථික මට්ටම අවබෝධ කර ගැනීම – Understanding the economic level
නිවස සැලසුම් කිරීමට පෙර ඒ සදහා දැරීමට හැකි වියදම ඇස්තමේන්තුගත කර ගැනීම වැදගත් ය.එමගින් නිවසේ ඉදිකිරීම් අතරමග නොනැනවතී සාර්ථකව අවසන් කල හැකියාව ලැබේ. එසේම එය නිවසේ සැලසුම නිර්මාණය කරන ආයතනයටද පහසුවක් වනු ඇත.
- සැලසුම්කරණය සදහා සහය ලබා ගැනීම – Obtaining planning assistance
සැලසුම්කරණය සදහා සැලසුම්කරණ ආයතනයක හෝ සුදුසු පුද්ගලයෙකුගේ සහය ලබා ගන්න . එය වාස්තුවිද්‍යානුකූල හා ප්‍රමිතියක් සහිත සැලැස්මක් ඔබට නිර්මාණය කර ගැනීමට පහසුවක් වනු ඇත.
නිර්මාණකරණය සදහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම – නිවසක් සැලසුම් කිරීමට පෙර එය ඉදිකිරීමට බලාපොරොත්තු වන ආකාරය සැලසුම් කර ගත යුතුය.තමන්ගේ මැදිහත්වීමෙන් ඉදිකිරීම කරන්නේද කොන්ත්‍රාත්කරුවන් හරහා කරන්නේද නැතිනම් ඉදිකිරීම් ආයතනයකට බාර දෙන්නේද යන්න තීරණය කර ඒ සදහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ගත යුතුය.
අප සැලසුම් කරන ලද ලස්සන නිවාස දැක බලා ගැනීම සඳහා අපගේ Facebook පිටුව හා එක්වන්න. දිනපතා අලුත් නිවාස සැලසුම් අප එයට එක්කරන්නෙමු!
නිවාස සැලසුම් සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ වසර ගනනාවක් පුරා අප ලබාගත් අත්දැකීම් සහ දැනුම ඔබ හා බෙදාගැනීම සිදු කරන්නේ අපගේ Youtube චැනලය ඔස්සේය. නිවසක් සෑදීමට අදහස් කරන සහ නිවසක් සාදමින් සිටින ඔබට මෙය කදිම අවස්ථාවකි.